එක්සත් රාජධානියේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ලේබර් පක්ෂයේ ඇන්ඩි බර්න්හැම් (Andy Burnham) නිල වශයෙන් වැඩ භාරගෙන තිබේ. රට තුළ පවතින දේශපාලන හා ආර්ථික අස්ථාවරත්වයට විසඳුම් ලබා දෙමින්, එක්සත් රාජධානිය නැවතත් ශක්තිමත් ආර්ථික ප්‍රකෘතියක් සහ නව වර්ධන මාවතක් වෙත යොමු කරන බවට ඔහු සහතික වී ඇත.
තම පළමු නිල අමතමින් නව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, බ්‍රිතාන්‍ය වැසියන්ට යළිත් බලාපොරොත්තුවක් ලබා දීමත්, රට පුරා ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීමත් සිය රජයේ ප්‍රධානතම අරමුණ වන බවයි. එසේම, ව්‍යාපාරික ක්ෂේත්රය නැංවීම සහ රටවැසියන්ට නව රැකියා හා ආයෝජන අවස්ථා උදාකර දීමට කටයුතු කරන බවද ඔහු පවසා සිටියේය.
ලන්ඩන් නුවර ඩවුනින් වීදියේ (10 Downing Street) අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිට සිට අදහස් දක්වමින් බර්න්හැම් මහතා වැඩිදුරටත් අවධාරණය කළේ, වර්තමාන අභියෝගාත්මක කාලපරිච්ඡේදය හමුවේ ජනතාව සහ රජය අතර විශ්වාසය නැවත ගොඩනැගීමට කැපවන බවයි.
ග්‍රේටර් මැන්චෙස්ටර් හි හිටපු නගරාධිපතිවරයෙකු සහ අත්දැකීම් බහුල දේශපාලනඥයෙකු වන ඇන්ඩි බර්න්හැම්, බ්‍රිතාන්‍යයේ මෑතකාලීන දේශපාලන වෙනස්කම් හමුවේ රට නිවැරදි මාවතට යොමු කිරීමට සමත් වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ විශ්වාස කරති.

