කන්තලේ ප්‍රදේශයේ පාසලක 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 22 දෙනෙකු මිනිස් පරිභෝජනයට නුසුදුසු, විෂබීජ සහිත යමක් අනුභව කිරීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්ව කන්තලේ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
පොලීසිය ප්‍රකාශ කළේ මෙලෙස රෝහල්ගත කළ දරුවන් අතරින් සිව්දෙනෙකුගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් බරපතළ මට්ටමක පැවතීම හේතුවෙන්, ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහල වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇති බවයි

