අරණායක උස්සාපිටිය ක්‍රීඩාංගනයේ අලුතින් සවි කරන ලද විදුලි බුබුලු යටතේ (17) වන දින පැවති ප්‍රථම රාත්‍රී ක්‍රිකට් තරගාවලියේ ජය දුල්දෙනිය කණ්ඩායමට හිමි වු අතර මාවනැල්ල ප්‍රාදේශීය සභා කණ්ඩායමට එහි අනු ශුරතාවය හිමිවිය. තරඟාවලිය සදහා දුල්දෙනිය කණ්ඩායම, අරණායක ප්‍රාදේශීය සභාව, අරණායක පොලීසිය, අරණායක ප්‍රාදේශීය ලේකමි කාර්්‍යාලය, උස්සාපිටිය කණ්ඩායම, සහ මාවනැල්ල ප්‍රාදේශීය සභාව යන කණ්ඩායමි සහභාගී විය.
අරණායක ප්‍රාදේශීය සභාවේ සභාපති මංඡුල සෙනෙවිරත්න මහතාගේ මග පෙන්වීම යටතේ නවීකරණය කරන ලද අරණායක උස්සාපිටිය ක්‍රීඩාංගනය රාත්‍රී ක්‍රිකට් තරග පැවැත්වීම සදහා විදුලි බුබුලු සවිකර නවීන ක්‍රිකට් ක්‍රීඩාංගනයක් බවට පත් කරන ලදී.
තරගාවලියේ කුසලාන ප්‍රදානෝත්සවය අරණායක ප්‍රාදේශීය සභාවේ සභාපති මංඡුල සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.


