පොදු ප්‍රවාහන වාහනවල තත්ත්වය පරීක්ෂා කිරීමට ජාතික කවුන්සිලයෙන් නව වැඩපිළිවෙලක්

0
16

පොදු ප්‍රවාහන සේවා සපයන බස් රථ ඇතුළු සියලුම වාහනවල තත්ත්ව පරීක්ෂාවක් සිදු කිරීමට තීරණය කර ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික කවුන්සිලය පවසයි. එහි සභාපති මංජුල කුලරත්න මහතා සඳහන් කළේ මෙම විශේෂ වැඩපිළිවෙල එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.

මෙරට පොදු ප්‍රවාහනයේදී සිදුවන රිය අනතුරුවලට ප්‍රධානතම හේතු වී ඇත්තේ රියදුරන්ගේ නොසැලකිලිමත් භාවය සහ වාහනවල පවතින විවිධ තාක්ෂණික දුර්වලතා බැවින්, ඊට පිළියමක් ලෙස මෙම පියවර ගන්නා බව ද සභාපතිවරයා පෙන්වා දෙයි.

මෙම දීපව්‍යාප්ත තත්ත්ව පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය සඳහා සුදුසුකම් ලත් තාක්ෂණික නිලධාරීන් බඳවා ගැනීමට මේ වන විටත් අයදුම්පත් කැඳවා තිබේ. අදාළ බඳවා ගැනීමේ කටයුතු නිම කිරීමෙන් පසු සැප්තැම්බර් මාසය අවසන් වීමට පෙර මෙම පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ අනුව මෙරට ධාවනය වන සියලුම පොදු ප්‍රවාහන රථවාහන නියාමනයකට ලක් කිරීමට කටයුතු කෙරෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here