කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන පරිදි, අද (20) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇති විය හැක.
මීට අමතරව, අම්පාර සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ වයඹ යන පළාත්වලත් සුළගේ වේගය ඉහළ යා හැක.
එමෙන්ම රත්නපුර, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ද විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර වේගයකින් හමන තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

