කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම මාස 15ක අවම අගයට වැටේ

0
6

කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික පිරිවැටුම අද (17) රුපියල් මිලියන 722 ක් දක්වා පහත වැටෙමින්, පසුගිය මාස 15 ක කාලය තුළ සටහන් වූ අඩුම දෛනික පිරිවැටුම වාර්තා කර තිබේ.

මීට පෙර මෙවැනි අවම අගයක් වාර්තා වී තිබුණේ පසුගිය අප්‍රේල් 17 වැනිදා වන අතර, එදින සටහන් වූයේ රුපියල් මිලියන 792 ක පිරිවැටුමකි.

මේ අතර, අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකයද (ASPI) ඒකක 42.16 ක පහත වැටීමක් සටහන් කර ඇත.

ඒ අනුව අද දින ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 21,405.41 ක් ලෙස සටහන්ව තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here