යෝෂිත රාජපක්ෂගේ මුදල් විශුද්ධිකරණ නඩුව 24 දා දක්වා කල් තැබේ

0
11

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබෙන මුදල් විශුද්ධිකරණ නඩුව අද (17) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ යළි විභාගයට ගැනුණි.

දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවලින් රුපියල් ලක්ෂ 730කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කට්ටි පහක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ.

අද දින නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු විය.

ඉන් අනතුරුව විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා විසින් එම සාක්ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කරන ලදී.

දෙපාර්ශවයේ කරුණු විමසීමෙන් පසු, මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 24 වනදා දක්වා කල් තැබීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here