ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ ඉන්ධන නිකුත් කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වන QR ක්‍රමවේදය ඉවත් කිරීමට මේ මොහොතේ කිසිදු සූදානමක් නොමැති බවයි. එහි කළමනාකරණ අධ්යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා සඳහන් කළේ ලෝක වෙළෙඳපොළ තුළ ඉන්ධන මිල තවදුරටත් ස්ථාවර නොවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
මෙම ක්‍රමවේදය මඟින් ඉන්ධන පරිභෝජනය මෙන්ම රටේ ඩොලර් සංචිතය ද පාලනය කරගත හැකි බව ඔහු පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම, ලෝකයේ පවතින යුදමය තත්ත්වයන් නැවත උග්‍ර වුවහොත් මෙරට තුළ යළිත් ඉන්ධන පෝලිම් ඇතිවීම වැළැක්වීමට සහ ජනතාව අපහසුතාවට පත්වීම වැළැක්වීමට මෙම පියවර අත්‍යවශ්‍ය බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
කෙසේ වෙතත්, වත්මන් ගෝලීය යුදමය තත්ත්වයන් හේතුවෙන් මේ දක්වා මෙරට ඉන්ධන සැපයුම් ජාලයට කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බව කළමනාකරණ අධ්යක්ෂවරයා අවධාරණය කළේය. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් ඉදිරියේදී නැවත ඉහළ යා හැකිද යන්න පිළිබඳව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව අඛණ්ඩව හා දැඩි අවධානයකින් යුතුව නිරීක්ෂණය කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

