රඛිත, චරිත් ඇතුළු තිදෙනා අධිකරණයට

0
18

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ යන තිදෙනා අද (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබීය.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘හරක් කටා’ නැමැත්තා රැඳවුම් භාරයේ පසුවන කාලය තුළ ඔහුට සහන සැලසීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් ලක්ෂ 1,200ක අල්ලස් මුදලක් ලබාගත් බවට මොවුන්ට චෝදනා එල්ල වී ඇත. අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙම සැකකරුවන් තිදෙනා මීට පෙර ද රිමාන්ඩ් භාරයට පත් කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here