ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය අමතයි

0
24

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රහස්පතින්දා (16) ජාතිය අමතමින්, 2020 ජනාධිපතිවරණයේ නීත්‍යානුකූලභාවය පිළිබඳව ඔහු කලක පටන් නඟන චෝදනා යළිත් මතු කළ අතර ඉදිරි මධ්‍යවාර මැතිවරණයට පෙර වඩාත් දැඩි ඡන්ද නීති හඳුන්වා දෙන ලෙස ඉල්ලා සිටියේය.

මීට වසර හයකට පෙර පැවැති මැතිවරණය සම්බන්ධයෙන් සාවද්‍ය බව ඔප්පු වී ඇති මතයන් ඔහු මෙලෙස නැවත ප්‍රවර්ධනය කිරීම සහ පරාජය පිළිගැනීමට අකමැති වීම හේතුවෙන්, ඔහුගේ පළමු ධුර කාලය අවසානයේ එනම් 2021 ජනවාරි 6 වැනිදා ඔහුගේ ආධාරකරුවන් එ.ජ. කැපිටල් මන්දිරයට ප්‍රචණ්ඩ ප්‍රහාරයක් ද එල්ල කළේය. එය ඇමරිකානු ඉතිහාසයේ අඳුරුතම දිනයක් ලෙස සැලකේ.

නැවත වරක් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ද ට්‍රම්ප් මෙම පැරණි මතභේදය කරළියට ගෙන ඇත්තේ රට තුළ ජීවන වියදම ඉහළ යාම, ඉරානය සමඟ පවතින යුදමය ආතතිය සහ ආගමන විගමන මර්දන වැඩපිළිවෙළ වැනි බරපතළ ගැටලු පවතින පසුබිමකය.

කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ මෙම ජාතිය ඇමතීමේ ප්‍රධානතම අරමුණ සහ තේමාව වූයේ මෙරට මැතිවරණ ක්‍රමවේදය තුළ දැඩි වෙනස්කම් සිදුකිරීමේ අවශ්‍යතාව අවධාරණය කිරීම බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here