අස්වැසුම මුදල් කොල්ලකන දුරකථන වංචාවක්. වහාම පොලිසියට පැමිණිලි කරන්නැයි ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්

0
14

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් වංචාසහගත ලෙස ලබාගැනීමේ ජාවාරමක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි. විවිධ පුද්ගලයන් දුරකථන අංක ඔස්සේ ප්‍රතිලාභීන් අමතා, තමන් ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් බව පවසමින් තොරතුරු යථාවත් කිරීමට හෝ වෙනත් හේතු දක්වමින් මුදල් ඉල්ලා සිටින බව එම මණ්ඩලය පෙන්වා දෙයි.

මෙම ක්‍රියාවලිය සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ කිසිදු අනුදැනුමකින් තොරව සිදුවන්නක් බැවින්, මෙවැනි ඇමතුම් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත්, ඒ සම්බන්ධයෙන් වසම් භාර නිලධාරීන් දැනුවත් කරන ලෙසත් ඔවුහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

එමෙන්ම, මෙවැනි වංචනික දුරකථන ඇමතුම් ලැබී ඇති ප්‍රතිලාභීන් සිටී නම්, වහාම ක්‍රියාත්මක වී අදාළ පොලිස් බල ප්‍රදේශයේ අපරාධ විමර්ශන අංශය වෙත ගොස් පැමිණිලි කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස ද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සිය නිවේදනය මඟින් වැඩිදුරටත් දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here