ඩෙංගු මරණ 50යි. සමස්ත රෝගීන් 73,000 ඉක්මවයි

0
15

මෙරට ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 73,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඊයේ (16) දිනය වන විට වාර්තා වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 73,455ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ 50ක් ද වාර්තා වී තිබේ. ඊයේ දිනයේදී පමණක් අලුතින් රෝගීන් 1,025 දෙනෙකු හඳුනාගෙන ඇත.

රෝගීන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි. එම සංඛ්‍යාව 38,700ක් වන අතර, ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ රෝගීන් 15,341ක් වාර්තා වූ ගම්පහ දිස්ත්‍රික්කයටයි. මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ද රෝගීන් 14,625ක් වාර්තා වී තිබේ.

මේ වන විට ගතවී ඇති ජූලි මාසයේ පළමු දින 16 තුළ පමණක් රෝගීන් 18,076ක් වාර්තා වී ඇති අතර, වසරේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් සටහන් වී ඇත්තේ ජුනි මාසයෙනි. එම සංඛ්‍යාව 21,538කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here