සේවය කළ උප දුම්රිය ස්ථානාධිපතිවරයා ඉල්ලා අස්වීම හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ ආනවිලුන්දාව උප දුම්රිය ස්ථානය, සහන දුම්රිය ස්ථානාධිපතිවරයෙකු යොදවා නැවත විවෘත කිරීමට දුම්රිය පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.
මීට අමතරව, සේවකයින් නොමැතිකම නිසා මාස කිහිපයක සිට වසා දමා තිබූ අකුරළ සහ ආඳාදොල උප දුම්රිය ස්ථාන දෙක ද සහන දුම්රිය ස්ථානාධිපතිවරුන් යොදවා නැවත ආරම්භ කිරීමට නියමිතය.
කෙසේ වෙතත්, පුරප්පාඩු පවතින උප දුම්රිය ස්ථාන 25ක් සඳහා නවක උප දුම්රිය ස්ථානාධිපතිවරුන් බඳවා ගැනීමට 2025 අගෝස්තු 15 වන දින ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණ ද, පාලනාධිකාරිය මෙතෙක් එම බඳවාගැනීම් අවසන් කර නොමැති බව ද වාර්තා වේ.

