ඇල්ජීරියාවේ ආබාධිත පුද්ගලයින් සඳහා වූ රැඳවුම් මධ්‍යස්ථානයක හටගත් ගින්නකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 19 දෙනෙකු තුවාල ලබා තිබේ.
ගිනි නිවන භටයින් විසින් ගින්න පාලනය කිරීමට සමත්ව ඇති අතර, එහි සිටි තවත් පුද්ගලයින් 5 දෙනෙකු නිරුපද්‍රිතව මුදාගෙන ඇත.
ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති වුවද, පවතින උෂ්ණාධික කාලගුණය හේතුවෙන් මේ වන විට ඇල්ජීරියාව පුරා ලැව්ගිනි ඇතුළු ගිනි ගැනීම් සිදුවීම් 16ක් පමණ වාර්තා වී තිබේ.

