දිවයින හරහා පවතින සක්‍රිය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, මාතලේ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර 40ත් 50ත් අතර වේගයකින් තද සුළං හැමිය හැක.
මේ අතර හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ කල්පිටියේ සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 50ක් 60ක් දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.
එබැවින් මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

