පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව, ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
එම පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙසත්, සුරේෂ් සලේ මහතාගේ පෙත්සම නිෂ්ප්රභ කරන ලෙසත් ඉල්ලමින් කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් අභියාචනාධිකරණය වෙත අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

