හිටපු ඇමති එස්.බී දිසානායක ගේ සහෝදරයා අත්අඩංගුවට

0
7

හිටපු අමාත්‍ය එස්.බී.දිසානායක මහතාගේ සහෝදරයෙකු වන, හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර දිසානායක මහතා රුපියල් කෝටි දෙකහමාරකට අධික මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. සුරාබදු බලපත්‍රයක් ලබා දෙන බව පවසා වීරකැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් 27,500,000 මුදලක් වංචා කළ බවට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණිල්ලක් ලැබී තිබුණි. ඒ අනුව ක්‍රියාත්මක වූ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (14) උදෑසන හඟුරන්කෙත ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

58 හැවිරිදි වියේ පසුවන සැකකාර හිටපු මන්ත්‍රීවරයා අද (15) දින නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here