ඉන්දුනීසියානු තානාපතිනිය සහ අග්‍රාමාත්‍ය ලේකම් අතර හමුවක්

0
18

ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනි ඩෙවි ගුස්ටිනා ටොබින් (Dewi Gustina Tobing) මහත්මිය සහ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා අතර නිල හමුවක් 2026 ජූලි 14 වැනිදා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

2027 වසරට යෙදෙන දෙරටේ 75 වැනි රාජ්‍යතාන්ත්‍රික සංවත්සරය සැමරීම පිළිබඳව මෙන්ම සංස්කෘතික සහ සංචාරක සබඳතා තවදුරටත් පුළුල් කිරීමේ වැදගත්කම ගැන මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

මීට අමතරව, ශ්‍රී ලංකාවේ රෙදිපිළි හා ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රවල සහයෝගීතාව ඉහළ නැංවීමට ඉන්දුනීසියාවේ ඇති උනන්දුව ප්‍රකාශ කළ තානාපතිනිය, කෘෂිකාර්මික දැනුම සහ තාක්ෂණය හුවමාරු කරගැනීම පිළිබඳව ද අවධානය යොමු කළාය.

මෙම අවස්ථාවට ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ උපදේශක යාඩි සූරියාහාඩි (Yadi Suriahadi), අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ මහේෂ් ප්‍රේමතිලක යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here