වසර 16කට පසු ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට

0
12

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඩැලස් ක්‍රීඩාංගණයේ පැවති තීරණාත්මක අවසන් පූර්ව තරගයෙන් ප්‍රංශය ගෝල 2-0ක් ලෙස පරාජය කළ ස්පාඤ්ඤය, 2010 වසරෙන් පසු ප්‍රථම වතාවට ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

තරගය ආරම්භයේ සිටම පන්දුවේ වැඩි පාලනයක් තමන් සන්තකයේ තබාගත් ස්පාඤ්ඤ ක්‍රීඩකයෝ, ප්‍රංශයේ ප්‍රබල ඉදිරි පෙළ ප්‍රහාරකයන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදීමට වගබලා ගත්හ.

එහි ප්‍රතිඵලයක් ලෙස තරගයේ 22 වැනි මිනිත්තුවේදී මිකෙල් ඔයාර්සබාල් සාර්ථක කරගත් දඬුවම් පහරින් ස්පාඤ්ඤය මුලින්ම පෙරමුණ ගත් අතර, 58 වැනි මිනිත්තුවේදී පේද්‍රෝ පෝරෝ වාර්තා කළ දෙවැනි ගෝලයත් සමඟ ඔවුන් සිය ජයග්‍රහණය ස්ථිර කර ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here