ළමුන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමට එක්සත් රාජධානියෙන් නව නීති

0
10
Close up shot, group of children hands busy using smartphone at school corridor - concept of social media, playing games, technology and education.

එක්සත් රාජධානියේ වෙසෙන වයස අවුරුදු 16 සහ 17 අතර යෞවනයන් සඳහා රාත්‍රී කාලයේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමට එරට රජය නව නීති හඳුන්වා දීමට තීරණය කර තිබේ. මෙම නව පියවර යටතේ, රාත්‍රියේ නියමිත වේලාවක සිට පසුදින උදෑසන 6 දක්වා කාලය තුළ මෙම වයස් කාණ්ඩයේ පසුවන දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය සීමා කෙරෙන අතර, ඊට අදාළ නිවැරදිම වේලාවන් සහ විස්තර ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මෙම තීරණයට අමතරව, වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා Snapchat, TikTok, YouTube, Instagram සහ Facebook ඇතුළු ප්‍රධාන සමාජ මාධ්‍ය වේදිකා භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ද පසුගිය මාසයේදී එක්සත් රාජධානිය පියවර ගත්තේය. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, ළමා හා යොවුන් පරපුර ඉලක්ක කරගනිමින් සැකසූ මෙම දැඩි නීති රීති මාලාව 2027 වසරේ මුල් භාගයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

එක්සත් රාජධානිය මෙවැනි දැඩි තීරණයක් ගැනීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ නූතන සමාජ මාධ්‍ය නිසා දරුවන්ට සිදුවන අහිතකර බලපෑම් පාලනය කිරීමයි. විශේෂයෙන්ම දරුවන්ගේ මානසික සෞඛ්‍යය ආරක්ෂා කිරීම, ඔවුන් අන්තර්ජාලයට සහ තිරයට (Screen) ඇබ්බැහි වීම අවම කිරීම මෙන්ම ඔවුන්ගේ යහපැවැත්ම තහවුරු කිරීම මෙම නව නීතිවල මූලික අරමුණ වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here