මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි.
ඒ අනුව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කර තිබේ.
මීට දින කිහිපයකට පෙර ජනාධිපතිවරයා වෙත යැවූ ඉල්ලා අස්වීමේ ලිපියට පිළිතුරක් මේ දක්වා ලැබී නොමැති අතර ජනාධිපතිවරයා මෙම ඉල්ලා අස්වීම භාරගැනීම හෝ නොගැනීම පිළිබඳව මේ දක්වා කිසිදු සඳහනක් කර නොමැත.
පෞද්ගලික හේතුවක් මත තමන් මෙසේ ඉල්ලා අස්වීමට ගත් තීරණය බව ඔහු පවසයි.
මහාචාර්ය සරත් අබේකෝන් මහතා පේරාදෙණිය විශ්වවිද්යාලයේ උප කුලපති වශයෙන්ද කලක් සේවය කළේය.

