ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් හදිසි අනතුරු ඇඟවීමක්

0
8

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ හලාවත සිට පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය සහ මුහුද රළු වීම සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම නිවේදනයට අනුව අදාළ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50ත් 60ත් (කි.මී. 50-60) දක්වා ඉහළ යා හැකි අතර ඒ හේතුවෙන් එම මුහුදු තීරයන් විටින් විට බෙහෙවින් රළු වීමට ඉඩකඩ පවතී.

මේ හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවත්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත නිවේදන කෙරෙහි නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here