මීගමුව බන්ධනාගාර ගැටුම පිටුපස කුමන්ත්‍රණයක් ඇත්දැයි සෙවීමට විමර්ශන

0
11

මීගමුව බන්ධනාගාරයේ මෑතකදී ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය පිටුපස කිසියම් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වූයේද යන්න පිළිබඳව මේ වන විට පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.

මහනුවර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය කටයුතු සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, එම විමර්ශනවල ප්‍රගතිය ලැබීමෙන් පසු සිදුවීම පිටුපස ඇති සැබෑ තත්ත්වය නිශ්චිතවම අනාවරණය කළ හැකි වනු ඇති බවයි. බන්ධනාගාර තුළ පවතින අධික තදබදය දීර්ඝ කාලීන ගැටලුවක් බවත්, නඩු ප්‍රමාද වීම, වාර්තා ලැබීමේ ප්‍රමාදය මෙන්ම මත්ද්‍රව්‍ය වැටලීම් ඉහළ යාම මෙම තදබදයට ප්‍රධාන හේතු වී ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

මේ අතර, පවතින දැඩි තදබදයට තත්කාලීන විසඳුමක් ලෙස පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය සහ ගාල්ල මහමෝදර පැරණි රෝහල් පරිශ්‍රය තාවකාලික බන්ධනාගාර ලෙස භාවිත කිරීමට රජය තීරණය කර ඇත්තේ මාස කිහිපයක කෙටි කාලයකට පමණක් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය.

බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා රජය සැලසුම් කර ඇති ස්ථිර විසඳුම් ක්‍රියාත්මක වීමත් සමඟ එම තාවකාලික බන්ධනාගාර දෙකම වහාම ඉවත් කරන බව ඔහු අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here