වයඹ පළාතේ 6-11 ශ්‍රේණි දෙවන වාර විභාගය ගැන දැනුම්දීමක්

0
11

වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පැවැත්වීමට සැලසුම් කර තිබූ පාසල් දෙවන වාර විභාගයේ දින කිහිපයක් සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.

වයඹ පළාත් ප්‍රධාන ලේකම්වරයා සහ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්වරයාගේ එකඟතාවය මත ගනු ලැබූ විශේෂ තීරණයකට අනුව, හෙට (15) දිනයේ සිට ජුලි 20 වන දින දක්වා පැවැත්වීමට නියමිතව තිබූ විභාග දින 4ක් මෙලෙස කල් දමා ඇත. ඒ අනුව, එම කාලසීමාව තුළ පැවැත්වීමට තිබූ විභාගයන් එළඹෙන ජුලි මස 21 වන දින සිට ජුලි 24 වන දින දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

මුලින් සැලසුම් කර තිබූ පරිදි 6 සිට 9 ශ්‍රේණි සඳහා දෙවන වාර පරීක්‍ෂණය 2026.07.09 සිට 2026.07.17 දක්වාත්, 10 සහ 11 ශ්‍රේණි සඳහා 2026.07.09 සිට 2026.07.20 දක්වාත් පැවැත්වීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත්, පවතින තත්ත්වය මත සැලසුම් කළ පරිදි හෙට සිට 20 වන දින දක්වා විභාග කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට අපහසු වීම හේතුවෙන් මෙම සංශෝධනය සිදු කර ඇත. මේ අනුව, කල් දැමුණු දින 4 සඳහා වන නව සංශෝධිත කාලසටහන අද (14) දිනයේදී නිකුත් කිරීමට නියමිත බව වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here