සෞදියේ අභා ගුවන්තොටුපොළට හූති සංවිධානයෙන් දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක්

0
20

යේමනයේ හූති සන්නද්ධ සංවිධානය විසින් සෞදි අරාබියේ පිහිටි අභා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉලක්ක කර ගනිමින් බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හූති සංවිධානය ප්‍රකාශ කරන්නේ, මීට පෙර සෞදි අරාබිය විසින් යේමනයේ සනා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත එල්ල කරන ලද ගුවන් ප්‍රහාර වලට ප්‍රතිචාර දැක්වීමක් සහ පළිගැනීමක් වශයෙන් තමන් මෙම ප්‍රහාරය දියත් කළ බවයි.

මෙම හදිසි ප්‍රහාරයත් සමඟ සෞදි රාජධානිය සහ ඉරාන හිතවාදී හූති සන්නද්ධ කණ්ඩායම අතර වසර හතරක් පුරා පැවති සාමකාමී සටන් විරාමය ද නිල වශයෙන් බිඳ වැටී තිබේ.

විශේෂයෙන්ම, 2022 මාර්තු මාසයේදී සෞදියේ බලශක්ති යටිතල ව්‍යුහයන් වෙත එල්ල වූ ප්‍රහාරවලින් පසු දෙපාර්ශවය ඇති කරගත් සටන් විරාම ගිවිසුමෙන් පසුව, හූති සංවිධානය විසින් සෞදි අරාබියට එරෙහිව එල්ල කරන ලද සහ එහි වගකීම නිල වශයෙන් භාරගත් පළමු ප්‍රහාරය ද මෙය වීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here