ඉරානයට එරෙහිව දියත් කළ නවතම ප්රහාර මාලාව සාර්ථකව අවසන් කිරීමට හැකි වූ බව අමෙරිකානු හමුදාව ප්රකාශ කරයි. අඛණ්ඩව තුන්වන දිනටත් ක්රියාත්මක වූ මෙම මෙහෙයුමේදී බුෂෙහ්ර්, චා බහාර්, ජාස්ක්, කොනාරක්, අබු මූසා සහ බන්ඩර් අබ්බාස් යන ප්රදේශවල පිහිටි උපායමාර්ගික ඉලක්ක වෙත සාර්ථකව ප්රහාර එල්ල කිරීමට තමන්ට හැකි වූ බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටී.
වාණිජ නැව් ගමනාගමනයට බාධා කරමින් ප්රහාර එල්ල කිරීමට ඉරානය සතු සන්නද්ධ හැකියාව තවදුරටත් දුර්වල කිරීම මෙම මිලිටරි ක්රියාමාර්ගයේ මූලික අරමුණ වී ඇත.
මෙම උණුසුම් තත්ත්වයත් සමඟ කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මේ වන විටත් මැදපෙරදිග කලාපය පුරා අමෙරිකානු සේවා නිලධාරීන් 50,000කට අධික පිරිසක් සේවයේ යොදවා ඇති බව ද වාර්තා වේ.

