සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අද සිට යළි ඇරඹේ

0
10

ඩෙංගු සහ වෛරස් උණ රෝග ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය 2 වැනිදා සිට සති දෙකකට ආසන්න කාලයක් තාවකාලිකව වසා දමා තිබූ කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු අද (13) සිට යළි ආරම්භ කෙරේ. රජයේ මැදිහත්වීම මත විශ්වවිද්‍යාල පරිශ්‍රය සම්පූර්ණයෙන්ම පිරිසිදු කර, ඩෙංගු මර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව මෙලෙස අධ්‍යයන කටයුතු යළි ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරී ආචාර්ය චානි ඉඹුල්ගොඩ මහත්මිය සඳහන් කළේ, විශ්වවිද්‍යාල පරිපාලනය විසින් පරිසරය සුරක්ෂිත කිරීමට කටයුතු කර ඇති බැවින්, සිසුන් ද වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවයි. තමන්ගේ පන්ති කාමර සහ අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමටත්, අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කරමින් ඩෙංගු මර්ධන කටයුතුවලට සහාය දක්වන ලෙසත් ඇය සිසුන්ගෙන් ඉල්ලා සිටියි.

මේ අතර, ජාතික ඩෙංගු මර්ධන එකකයේ නවතම වාර්තාවලට අනුව වසරේ මේ දක්වා ගත වූ කාලසීමාව තුළ දිවයිනෙන් ඩෙංගු රෝගීන් 68,071ක් වාර්තා වී තිබේ. එමෙන්ම මෙම බෝවන රෝගී තත්ත්වය හේතුවෙන් සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 47ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද එම එකකය වැඩිදුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here