මහරගම ඩෙංගු මර්දන මෙහෙයුමෙන් ලක්ෂ 21ක දඩ

0
9

තම නිවෙස් සහ පරිශ්‍ර ඩෙංගු මදුරුවන් බෝවන අයුරින් පවත්වාගෙන ගිය පිරිසකට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් ලක්ෂ 21ක දැවැන්ත දඩ මුදලක් නියම කර තිබේ.

මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ සිදුකළ පරීක්ෂා කිරීම්වලින් අනතුරුව මෙම නඩු පවරා ඇත.

මහරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නලීන් කල්දේරා මහතා සඳහන් කළේ, දිනක් තුළ වාර්තා වූ ඉහළම දඩ මුදල මෙය බවයි. ඉදිරියටත් ඩෙංගු වැටලීම් ක්‍රියාත්මක බැවින් අවට පරිසරය පිරිසිදුව තබාගන්නා ලෙස ඔහු ජනතාවට දැඩිව දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here