ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක “ඩෙංගු රෝගයෙන් තොර කොළඹක් කරා” ජාතික වැඩසටහන සඳහා නාවික හමුදාව 6 වන දිනටත් ඊයේ (10) සිය දායකත්වය සැපයීය.
සෞඛ්‍ය, ප්‍රාදේශීය ලේකම් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සමඟ එක්ව බටහිර නාවික විධානයේ නාවිකයින් 65 දෙනෙකු මෝදර, බොරැල්ල, කෝට්ටේ, පිටකොට්ටේ, පානදුර, මහර සහ වත්තල යන ප්‍රදේශවල විශේෂ සෝදිසි මෙහෙයුමක නිරත විය.
එහිදී පරිශ්‍ර 61ක් පරීක්ෂාවට ලක් කෙරුණු අතර, ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන 1,671ක් හඳුනාගෙන පිරිසිදු කිරීමට පියවර ගැනුණි. තවද, මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් 82ක් ද ක්‍රියාත්මක කළ අතර නාවික හමුදා කඳවුරු ද ඩෙංගු අවදානමෙන් තොර කලාප බවට පත් කිරීමට අඛණ්ඩ පියවර ගෙන ඇති බව වාර්තා වේ

