අධිකරණ සේවා සංගමයේ සභාපති ඉල්ලා අස්වෙයි

0
12

අධිකරණ සේවා සංගමයේ සභාපති ධුරයෙන් මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාමාජික අදහස් විමසීමට අද (11) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත විශේෂ මහා සභා රැස්වීමක් මුල් කරගනිමින් මෙම මතභේදාත්මක තත්ත්වය හටගෙන ඇත.

සභාපතිවරයා සිය ඉල්ලා අස්වීමට හේතු දක්වමින් සාමාජිකයින් වෙත යොමුකළ ලිපියක් මේ වන විට සමාජ මාධ්‍යවල සංසරණය වන අතර, සංගමයේ ලේකම් විනිසුරු සුරංග මුණසිංහ මහතා එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

ලේකම්වරයා වෙනත් ලිපියක් මඟින් සාමාජිකයින්ට දැනුම් දී ඇත්තේ නියමිත පරිදි අද දින විශේෂ මහා සභා රැස්වීම පැවැත්වෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here