ඩෙංගු මරණ සංඛ්‍යාව 47 දක්වා ඉහළට

0
6

මේ දක්වා සිදුවූ ඩෙංගු මරණ සංඛ්‍යාව 47 දක්වා ඉහළ ගොස් ඇත.

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනයක් නිකුත් කරමින් ඳහන් කළේ 2026 වසරේ මේ දක්වා රට පුරා වාර්තාවී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 67,174ක් වන බවයි.

ජූලි මාසයේ පළමු දින 09 තුළ පමණක් රෝගීන් 10,685ක් වාර්තා වී ඇති අතර, ඊයේ (10) දිනට පමණක් රෝගීන් 1,110ක් පමණ වාර්තා වු බව ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා පැවසීය.

ඩෙංගු රෝගීන් වාර්තා වීම වැඩි වීමත් සමඟ ප්‍රධාන රෝහල් කිහිපයකට ධාරිතාවය උපරිමයට ගොස් ඇති බැවින් රෝහල්වල දැඩි පීඩනයක් මෙන්ම තදබදයක් පවතින බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here