හෝමුස් සමුද්‍ර සන්ධියේදී වාණිජ නෞකා තුනකට එල්ල වූ ප්‍රහාරය වැරදීමක් බව ඉරානය අමෙරිකාවට කියයි.

0
12
හෝමුස් සමුද්‍ර සන්ධියේදී වාණිජ නෞකා තුනකට එල්ල වූ ප්‍රහාරය තමන් අතින් සිදු වූ වැරදීමක් බව ඉරානය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදේශකයන් වෙත පෞද්ගලිකව දැනුම් දී තිබේ. ඉරානය පවසන්නේ සාම සාකච්ඡා කඩාකප්පල් කිරීමට උත්සාහ කරන කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

මෙම සිදුවීමට පෙර, අදාළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් අමෙරිකාව එල්ල කළ ප්‍රහාර දෙකකින් පුද්ගලයන් 14 දෙනෙකු මියගිය අතර, ඉරානයද ඊට ප්‍රතිප්‍රහාර ලෙස මැදපෙරදිග පිහිටි අමෙරිකානු කඳවුරුවලට ප්‍රහාර එල්ල කර තිබුණි.

දෙරට අතර සාකච්ඡාවල ඉදිරි පියවරක් ලෙස, හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘතව තබන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලෙසත්, වාණිජ නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම නවත්වන ලෙසත් අමෙරිකාව ඉරානයෙන් ඉල්ලා ඇත. කෙසේ වෙතත්, මෙම නොසන්සුන්කාරී තත්ත්වය මධ්‍යයේ වුවද දෙපාර්ශවය අතර සාකච්ඡා අඛණ්ඩව ඉදිරියට ගෙනයෑමට එකඟ වූ බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here