මීගමුව බන්ධනාගාරය තුළ මෑතකදී ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ ඝාතනයට ලක්වූ බන්ධනාගාර නිලධාරීන්ගේ සහ රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අපොහොසත් වීම මුල් කරගනිමින්, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය පියවර ගෙන ඇත.
තමන් සතු වගකීම් සහ වගවීම පැහැර හැර ඇති බවට චෝදනා කරමින්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අද (10) පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම විශ්වාසභංග යෝජනාවට නිල වශයෙන් අත්සන් තබා තිබේ.

