දකුණු ස්පාඤ්ඤයේ ඇන්ඩලූසියා (Andalusia) කලාපයේ හටගත් දරුණු ලැව්ගින්නක් හේතුවෙන් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 19 දෙනෙකු අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මූලික විමර්ශනවලට අනුව මෙම ව්‍යසනයට හේතු වී ඇත්තේ ප්‍රදේශයේ කඩා වැටුණු විදුලි රැහැනක් බවට සැක කෙරේ.
කලාපය පුරා පවතින සෙල්සියස් අංශක 40ක පමණ දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය සහ වියළි සුළඟ හේතුවෙන් ගින්න ඉතා වේගයෙන් පැතිර ගොස් ඇති අතර, සහන සේවා කණ්ඩායම් මේ වන විටත් අතුරුදන් වූවන් සෙවීමේ සහ ගින්න පාලනය කිරීමේ දැඩි උත්සාහයක නිරතව සිටිති.

