සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා රාජ්‍ය සමාගමට නවක සේවක සේවිකාවත් 92ක් සඳහා පත්වීම් ප්‍රදානය කෙරේ.

0
9

සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා රාජ්‍ය සමාගමේ සේවාවන් තවදුරටත් ගුණාත්මක ලෙස පුළුල් කිරීම සදහා ක්ෂේත්‍ර 09 ක් සදහා අවශ්‍ය සේවක සේවිකාවත් 92 කු සදහා අද (10) උදෑසන පත්වීම් ලිපි ප්‍රදානය කිරීම කටුනායක සිවිල් ගුවන් සේවා අධිකාරියේ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරුණි.

සිවිල් , විදුලි කාර්මික , වාහන සහ යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍ර සදහා තාක්ෂණ නිලධාරීවරුන්, ගිණුම්කරණ සහකාර, සුපරීක්ෂකවරුන්, රියැදුරුවරුන් ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් සහ සිවිල් ඉංජිනේරුවරුන් මේ උත්සවයේදී පත්වීම් ලබා ගත්හ.

මෙම නව පත්වීම් දේශපාලන බලපෑම් වලින් තොරව ඔවුන්ගේ පෞද්ගලික දක්ෂතා සහ සුදුසුකම් මත පමණක් ලබා දී ඇති බවත් , සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම වෙත රුපියල් මිලියන 600 ක් නව ගුවන් සේවා පුහුණු පාසැලක් ( Aviation Academy ) ආරම්භ කිරීම සදහා මහා භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන ලැබී ඇති බවත් දැනට ඇනහිට ඇති කටුනායක ගුවන් තොටුපොළ දෙවන අදියරේ ඉදිකිරීම් එළඹෙන නොවැම්බර් මස දී ජයිකා ආයතනයේ නව ගිවිසුම් අනුව ක්‍රියාත්මක කරන බවත් මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අනුර කරුණාතිලක මහතා පැවසීය.

මෙම අවස්ථාවට වරාය , සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක , නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු , එම අමාත්‍යංශයේ ලේකම් , සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ වැඩබලන සභාපති ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්.මංගල , ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමිත් රඹුක්වැල්ල සහ එම අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න යන මහත්වරු ඇතුළු තවත් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here