දිවයින පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය දැඩි ලෙස ඉහළ යමින් පවතින පසුබිමක, බස්නාහිර පළාතෙන් පමණක් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 35,000 සීමාවට ආසන්න වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් සමස්ත ඩෙංගු රෝගීන් 66,064 දෙනෙකු වාර්තා වී ඇති අතර, අද (10) දින වන විට ඩෙංගු රෝගය වැළඳීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ද 46 දක්වා ඉහළ ගොස් තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්ත වාර්තාවලට අනුව, වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය 13,556කි.
මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,355ක් ද, මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,699ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,425ක් ලෙස ඉහළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත.

