2026 වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 12කට (මිලියන 1.2) ආසන්න වී ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙම සංචාරක පැමිණීම් හරහා වසරේ මේ දක්වා කාලය තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5කට වඩා වැඩි විදේශ විනිමය ආදායමක් මෙරටට උපයා ගැනීමට හැකිවී ඇති බවයි.
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ පවතින මෙම සාධනීය වර්ධනයත් සමඟ, 2026 වසර සඳහා අපේක්ෂිත මිලියන 2.5ක සංචාරක පැමිණීමේ ඉලක්කය පහසුවෙන්ම ජය ගැනීමට හැකිවනු ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී විශ්වාසය පළ කළේය.

