රුපියල් එක් කෝටි දහ අට ලක්ෂ අසූ පන් දහස් පන්සිය දහ හතරක් වටිනා රන් තොගයක් බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඊයේ (08) ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
සැකකරු මාතලේ ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .
ඔහු ඊයේ ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ ග්‍රෑම් 271 මිලි ග්‍රෑම් 480 ක් බරැති කරමාළ 12 ක් , අත් පළදනා 10 ක් සහ රන් බිස්කට් 02 ක් සගවා ගෙන තිබුණි.
පසුව මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා අද (09) උදෑසන නයිකන්ද රේගු නිවාරණ කාර්යාලයේ නිලධාරීන් වෙත යොමු කර ඇත.
එහිදී පැවති විධිමත් රේගු පරීක්ෂණයේ දී මෙම රත්තරන් තොගය රාජසන්තක කර මෙම ගුවන් මගියාට රුපියල් ලක්ෂ 10 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කළේය.

