දිට්වා සුළි කුණාටුවෙන් වගා හානිවූ ගොවීන් 202025 කට රුපියල් කෝටි 1234.15 වන්දි ගෙවා අවසන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ පවසයි.
පූර්ණ හානියට පත් කුඹුරු අක්කර 148000 ක් වෙනුවෙන් ගොවීන් 116278 කට රුපියල් කෝටි 888.85ක මුදලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ගෙවා ඇත.
එළවළු, බඩ ඉරිඟු සහ අනෙකුත් ක්ෂේත්‍ර භෝග වෙනුවෙන් මහවැලි බල ප්‍රදේශ, පළාත් සහ අන්තර් පළාත් සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා ගොවීන් 85747 වෙනුවෙන් රුපියල් කෝටි 345.3 ක වන්දි මුදලක් ගෙවා ඇත.
වී වගාව වෙනුවෙන් හෙක්ටයාරයකට රුපියල් 150000 ක මුදලක් ද, බඩ ඉරිඟු, එළවළු සහ අනෙකුත් ක්ෂේත්‍ර භෝග සඳහා හෙක්ටයාරයකට රුපියල් 200000 ක මුදලක් ද ගෙවූ බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කියයි.

