ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ජල බිල්පත්වල පවතින හිඟ මුදල් අයකර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ලබන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව 2026 ජූලි මස 13 වනදා සිට 19 වනදා දක්වා කාලය “ජල සැපයුම් විසන්ධි කිරීමේ සතිය” ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙම විශේෂ මෙහෙයුම ප්‍රධාන වශයෙන්ම ප්‍රදේශ කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් දියත් කිරීමට නියමිතය.
මෙම වැඩසටහන යටතේ කොළඹ 01 සිට කොළඹ 15 දක්වා වූ සියලුම ප්‍රදේශ මෙන්ම මහරගම සහ කෝට්ටේ කලාපයන්හි හිඟ ජල බිල්පත් ඇති පාරිභෝගිකයන්ගේ ජල සැපයුම් විසන්ධි කිරීමට පියවර ගැනේ.
එබැවින් තමන්ට සිදුවිය හැකි අපහසුතා මඟහරවා ගනිමින් ජල සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා, බිල්පත්වල ඇති සියලුම හිඟ මුදල් 2026 ජූලි 13 දිනට පෙර ගෙවා නිම කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සියලුම පාරිභෝගිකයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

