ඉරානය සමඟ ඇති සටන් විරාමය අවසන් බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

0
11
ANKARA, TURKIYE - JULY 07: US President Donald Trump at Ankara Airport, who is paying an official visit to Turkey ahead of the 36th NATO Heads of State and Government Summit in Ankara, Turkey, on July 07, 2026. Dogukan Keskinkilic/Pool via REUTERS

ඉරානය සමඟ ඇති කරගෙන තිබූ තාවකාලික එකඟතා ගිවිසුම (Ceasefire Agreement) මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් වී ඇති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

තුර්කියේ අන්කාරා අගනුවර පැවැත්වෙන නේටෝ (NATO) රාජ්‍ය නායක සමුළුව අතරතුර අද (08) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.

ඇමෙරිකානු නියෝජිතයන්ට ඉරානය සමඟ තවදුරටත් සාකච්ඡා පැවැත්වීමට තමන් අවසර දී ඇති නමුත්, එමඟින් සාර්ථක ප්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස නොකරන බව ට්‍රම්ප් මෙහිදී පැවසීය.

“ඔවුන්ට අවශ්‍ය නම් දිගටම කතා කරන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ ඔවුන් ඒ නාස්ති කරන්නේ තමන්ගේ වටිනා කාලයයි,” යනුවෙන් පවසමින් ජනාධිපති ට්‍රම්ප් ඉරාන බලධාරීන් සමඟ පවත්වන රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවල සාර්ථකත්වය පිළිබඳව දැඩි සැකයක් මතු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here