හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීශ්වර බණ්ඩාර මහතා ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය විසින් අද (08) ප්රතික්ෂේප කර තිබේ.
ජනාධිපති වැය ශීර්ෂය යටතේ එකම කාලසීමාවක් තුළ රජයේ වැටුප් දෙකක් සාතිශය අක්රමවත් ලෙස ලබාගත් බවට එල්ල වූ චෝදනාවකට අදාළව ඔහු මේ වන විට සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.
පොදු දේපළ පනත යටතේ ගැනෙන මෙම වංචා චෝදනාවේ බරපතලකම සහ විමර්ශන කටයුතුවල ප්රගතිය සලකා බැලූ මහෙස්ත්රාත්වරයා, සැකකරුට ඇප ලබා දීම ප්රතික්ෂේප කරමින් ඔහුව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

