2026 ෆිෆා (FIFA) ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අතිශය තීරණාත්මක අවසන් 16 දෙනාගේ වටයේ තරගයකින් කොලොම්බියාව පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන් කරවා ගැනීමට ස්විට්සර්ලන්තය සමත් විය.
ප්‍රතිවාදී කණ්ඩායම් දෙකම දැඩි සටනක නිරත වූ මෙම තරගයේ නියමිත මිනිත්තු 90 අවසානයේදී මෙන්ම ඉන් අනතුරුව ලබාදුන් අතිරේක කාලය තුළදී ද කිසිදු කණ්ඩායමකට ගෝලයක් ලබා ගැනීමට නොහැකි විය.
ඒ අනුව දෙපිලම ගෝල 0-0ක් ලෙස සම තත්ත්වයේ පසුවීම හේතුවෙන් තරගයේ ජයග්‍රාහකයා තීරණය කිරීම සඳහා දඬුවම් පහර (Penalty shootout) අවස්ථාව වෙත යොමු වීමට සිදු විය.
එහිදී වඩාත් දක්ෂ හා සංයමයෙන් යුත් ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ ස්විට්සර්ලන්ත ක්‍රීඩකයෝ දඬුවම් පහර 4-3ක් ලෙස කොලොම්බියානු සිහිනය බොඳ කරමින්, මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි වටයට සුදුසුකම් ලැබීමට සමත් වූහ.

