මන්නාරම සුළං බලශක්ති ව්‍යාපෘතියේ ටර්බයින 10ම දිවයිනට

0
10

මන්නාරම මෙගාවොට් 50ක දැවැන්ත සුළං බලශක්ති ව්‍යාපෘතියට අවශ්‍ය සියලුම ටර්බයින උපාංග සාර්ථකව මෙරටට ගෙන්වා අවසන් කිරීමට හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් සමාගමේ ‘හේවින්ඩ් වන් ලිමිටඩ්’ අංශය සමත්ව තිබේ.

මීටර් 110ක් උසැති මෙගාවොට් 5 බැගින් වූ මෙම දැවැන්ත සුළං ටර්බයින 10, ලංකාවේ තනි ස්ථානයක ක්‍රියාත්මක වන විශාලතම සුළං බලශක්ති ව්‍යාපෘතියක් ලෙස 2026 දෙසැම්බර් වන විට ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමට නියමිතය.

සම්පූර්ණයෙන්ම දේශීය ඉංජිනේරුවන්ගේ දායකත්වයෙන් නිමවන මෙම ව්‍යාපෘතිය හරහා වසර 20ක් තුළ රටට රුපියල් බිලියන 100ක විදේශ විනිමය මුදලක් ඉතිරි කර දීමට අපේක්ෂිතය.

සූර්ය බලශක්තියෙන් පසු සුළං බලශක්ති ක්ෂේත්‍රයටද අවතීර්ණ වෙමින් හේලීස් ෆෙන්ටන්ස් ආයතනය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති නායකයා ලෙස සිය අනන්‍යතාවය තහවුරු කරගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here