චීනය විසින් පැසිෆික් සාගරයේ ස්ථානගත කර ඇති සබ්මැරීනයක සිට සාර්ථකව දිගුදුර බැලැස්ටික් මිසයිලයක් (ICBM) අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම මිසයිල අත්හදා බැලීමත් සමඟ කලාපීය ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කරමින් ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ ජපානය යන රටවල් චීනයේ මෙම ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ.
කෙසේ වෙතත්, එල්ල වන විවේචනවලට ප්‍රතිචාර දක්වමින් චීන ආරක්ෂක අංශ ප්‍රකාශ කර ඇත්තේ මෙම මිසයිල දියත් කිරීම සාමාන්‍ය පුහුණු අභ්‍යාසයක කොටසක් පමණක් වන අතර, එය කිසිදු නිශ්චිත රටක් ඉලක්ක කර ගනිමින් සිදු නොකළ ආරක්ෂක පියවරක් පමණක් බවයි.

