පේරු රාජ්‍යයේ නව ජනාධිපතිනිය ලෙස කීකෝ ෆුජිමෝරි තේරී පත්වෙයි.

0
8

සති කිහිපයක දැඩි සමාලෝචනයකින් සහ ඡන්ද නැවත ගණන් කිරීමකින් අනතුරුව, ලතින් ඇමෙරිකාවට අයත් පේරු රාජ්‍යයේ පැවැති අතිශය තීරණාත්මක ජනාධිපතිවරණයෙන් සුළු ඡන්ද බහුතරයකින් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට දක්ෂිණාංශික අපේක්ෂිකා කීකෝ ෆුජිමෝරි සමත්ව සිටින්නීය.

පේරු මැතිවරණ අධිකරණය විසින් නිල වශයෙන් සහතික කරන ලද අවසන් ප්‍රතිඵලවලට අනුව, 51 හැවිරිදි ෆුජිමෝරි සියයට 50.135 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇති අතර, ඇගේ ප්‍රතිවාදියා වූ වාමාංශික අපේක්ෂක රොබර්ටෝ සැන්චෙස් ලබාගෙන ඇත්තේ සියයට 49.865 ක ඡන්ද ප්‍රතිශතයකි.

ඒ අනුව ඡන්ද 50,000කටත් වඩා අඩු ඉතා සුළු ඡන්ද පරතරයකින් පේරු රාජ්‍යයේ නව නායකත්වය තහවුරු කරගැනීමට ඇය සමත් වූ අතර, මෙය ඇය ජනාධිපති ධුරය වෙනුවෙන් තරඟ වැදුණු සිව්වැනි අවස්ථාව වීම ද විශේෂත්වයකි. පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයකු වූ ඇල්බර්ටෝ ෆුජිමෝරිගේ දියණිය වන කීකෝ ෆුජිමෝරි මෙවර මැතිවරණයේදී සංවිධානාත්මක අපරාධ මැඩලීම සිය ප්‍රධානතම දේශපාලන පොරොන්දුව බවට පත්කරගෙන තිබුණි.

සිය ජයග්‍රහණයෙන් අනතුරුව ජනතාව ඇමතූ නව ජනාධිපතිනිය ප්‍රකාශ කළේ, තමන් මෙම උත්තරීතර ධුරයේ වගකීම් ඉතා නිහතමානීව, වගකීම් සහගතව මෙන්ම ගැඹුරු යුතුකම් හැඟීමකින් යුතුව භාරගන්නා බවයි.

තමන් ලබාගත්තේ ඉතා සුළු ඡන්ද බහුතරයක් බව මැනවින් වටහාගෙන ඇති බව සිහිපත් කළ ඇය, ඉදිරි සංක්‍රාන්ති සමයේ සෑම දිනක්ම සමස්ත ජනතාවට සවන්දීමට, විවෘත සංවාදයන්හි යෙදීමට සහ නව රජයේ ඉදිරි සැලසුම් වඩාත් ශක්තිමත්ව සකස් කරගැනීමට අවස්ථාවක් කරගන්නා බව ද වැඩිදුරටත් අවධාරණය කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here