NEWSNOW | – මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට කමිටුවක් පත් කෙරේ.
එම විමර්ශන කමිටුව බන්ධනාගාර කොමසාරිස් ජනාරාල්වරයා විසින් පත් කර තිබේ.
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ (05) පස්වරු 1.00ට පමණ ගැටුමක් හටගෙන ඇති අතර එහිදී රිමාන්ඩ් භාරයේ සිටින රැඳවියන් පිරිසක් සහ දඩුවම් ලබා බන්ධනාගාරගත කර සිටින රැඳවියන් පිරිසක් අතර මෙම ගැටුම සිදුව ඇති බව ළ බව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා සදහන් කළේය.
ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු මියගිය අතර තවත් රැඳවියන් 34දෙනෙකු තුවාල ලබා මීගමුව දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයකු සදහන් කළේය.
ඉන් බරපතළ තුවාල ලැබූ රැදවූවන් දෙදෙනකු කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යැවූ බව ද සදහන්.
පසුව බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි වහලයක් මත නැග විරෝධතාවය පළ කළ අතර ඉන් ඇදවැටී තවත් රැදවියන් සිව් දෙනෙකු පසුව රෝහල්ගත කෙරිණි.
මේ අතර රැදවියන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් මීගමුව දිස්ත්‍රික් රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පුෂ්පා ගමලත්ගේ මහත්මිය පැවසුවේ රැඳවියන් 10දෙනෙකු පමණ ශෛල්‍යකර්මවලට ද භාජනය කළ බවය.
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීම සදහා බන්ධනාගාර නිලධාරීන්, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව යොදවා තිබූ අතර ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට ද කටයුතු කර තිබුණි.

