වෙනිසියුලා භූ කම්පනයෙන් මරණ සංඛ්‍යාව 3,300 පනියි. 41,000කට වැඩි පිරිසක් තවමත් අතුරුදන්.

0
15

පසුගිය ජූනි මස 24 වනදා වෙනිසියුලාවට බලපෑ ප්‍රභල ද්විත්ව භූ කම්පන මාලාව හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 3,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. සහන සේවකයින් විසින් සුන්බුන් අතරින් මේ වන විට සොයාගෙන ඇති සමස්ත මළ සිරුරු සංඛ්‍යාව 3,342ක් දක්වා ඉහළ ගොස් තිබේ.

භූමිකම්පාව සිදුවී දින කිහිපයක් ගතවී ඇතත්, තවමත් පුද්ගලයින් 41,000කට අධික පිරිසක් පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති අතර ඔවුන් අතුරුදන් වූවන්ගේ ලේඛනයට ඇතුළත් කර ඇත. මෙම දරුණු ස්වභාවික විපත හේතුවෙන් උන්හිටිතැන් අහිමි වූ සහ තුවාල ලැබූ විශාල පිරිසක් වෙනුවෙන් සහන සේවා ක්‍රියාත්මක වේ.

එමෙන්ම, මෙම අනතුරෙන් බරපතළ හා සැහැල්ලු තුවාල ලැබූ වැසියන් 16,000කට අධික සංඛ්‍යාවක් මේ වන විටත් එරට විවිධ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන බව විදේශීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here