බස්නාහිර පළාතේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින කලාප 23ක් කේන්ද්‍ර කරගනිමින් හෙට (05) දිනයේ සිට විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ආරම්භ කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. මෙම සුවිශේෂී වැඩසටහන ක්‍රියාවට නැංවෙන්නේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ සෘජු සම්බන්ධීකරණය සහ මගපෙන්වීම යටතේය.
මෙම දැවැන්ත මෙහෙයුම සාර්ථක කරගැනීම සඳහා රාජ්‍ය මෙන්ම සිවිල් සංවිධාන රැසකගේ සක්‍රීය දායකත්වය ලබාගැනීමට කටයුතු යොදා ඇත. ඒ අනුව සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන මෙන්ම විවිධ ස්වේච්ඡා සංවිධාන ද ඇතුළු රාජ්‍ය හා ප්‍රජා නියෝජිත පාර්ශ්ව රැසක් එක්ව ඒකාබද්ධ බලකායක් ලෙස මෙයට දායකත්වය සපයනු ලබයි.
ප්‍රජාවගේ සෘජු සහභාගිත්වය සහ සහයෝගය උපරිමයෙන් ලබාගනිමින් බස්නාහිර පළාතේ හඳුනාගත් ඩෙංගු අධි අවදානම් කලාප 23 පුරාම මෙම ඒකාබද්ධ මෙහෙයුම ඉතාමත් විධිමත් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

