ලිට්රෝ ගෑස් මිල ගණන් අඩු වෙයි.

0
21

ලිට්රෝ ගෑස් මිල ගණන් අඩු කිරීමට එම සමාගම තීරණය කර ඇත.

ඒ ලෝක වෙළඳ පොලේ LP ගෑස් මිලෙහි සිදුවූ අඩුවීමේ වාසිය පාරිභෝගිකයන් වෙත ලබාදෙමිනි .

ඒ අනුව අද (3) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් අඩුකර තිබේ. එහි නව මිල රුපියල් 4,465ක් වේ.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 118කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 1,792කි.

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 55කින් අඩු කර ඇති අතර, එහි මිල රුපියල් 835ක් දක්වා පහත දමා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here